Ultimate magazine theme for WordPress.

හෙන්රි නිකල්ස් ගැන සුබ ආරංචියක්

නවසීලන්ත පිතිකරු හෙන්රි නිකල්ස් පෙර සැලසුම් කළ පරිදිම සෙසු ක්‍රීඩකයින් සමග මෙම සති අන්තයේ දී එංගලන්තය බලා පිටත්ව යන බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ඔහුගේ දකුණු පාදයේ සිදුව ඇති ආබාධය එතරම් බරපතල නොවන බව වෛද්‍ය පරීක්ෂණවලින් හදුනා ගැනීම හේතුවෙන්.

තරග සංචාරයට පෙර Mount Maunganui හී දී සංවිධාන කළ දින තුනක පුහුණු කදවුරකට එක්ව සිටියදීයි හෙන්රි නිකල්ස් මෙම ආබාධයට මුහුණ දුන්නේ.

ඔහුගේ ආබාධය සම්බන්යෙන් අදහස් දක්වමින් පුහුණුකරු Gary Stead සදහන් කළේ ඉදිරි සති දෙකේ සිට තුනක කාලය ඉතා තීරණාත්මක බවයි.

ඒ අනුව මෙම ආබාධය නිසා දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග දෙක සදහා හෙන්රි නිකල්ස්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

බොහෝ විට ඔහුට ලබන දෙවැනිදා ලෝඩ්ස් හී දී ආරම්භ වන එංගලන්ත – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වීමට ඉඩ ඇති බව සදහන්.

Leave a comment