හූදා හා ෂාමි දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 තරගාවලියෙන් ඉවතට
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක දීපක් හූදාට දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු පිට කොන්ද ආශ්රිත ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.
ඒ අනුව දීපක් හූදා සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග පළමු 20යි 20 තරගය පැවැත්වෙන තිරුවානන්තපුරම් වෙත ද පිටව ගොස් නැහැ.
මේ අතර, දින කිහිපයකට පෙර කොවිඩ් 19 ආසාදනය වූ වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ෂාමි තවමත් සුවය ලබා නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුට දකුණු අප්‍රිකාවට එරෙහි 20යි 20 තරගාවලිය ද අහිමි වනු ඇති බවත් සදහන්.
තුන් ඉරියව් ක්‍රීඩක ශහ්බාස් අහ්මඩ් හා පිතිකරු ෂ්රෙයස් අයියර් ඉන්දීය සංචිතයට ආදේශ කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය හෙට(28) ආරම්භ වන අතර, දෙවැනි 20යි 20 තරගය එළඹෙන දෙවැනිදාත්, තෙවැනි 20යි 20 තරගය එළඹෙන 4 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.