Ultimate magazine theme for WordPress.

හැරිස් සොහයිල්ට එංගලන්ත එක්දින තරගාවලිය අහිමි වෙයි

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක හැරිස් සොහයිල්ට එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

පසුගිය සතියේ සිදු කෙරුණු පුහුණුවීම් අතරතුර දී පාදයක ආබාධයකට ගොදුරු වීම හේතුවෙනුයි ඔහුට මෙලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.

ඊයේ(7) දිනයේ දී ඔහු වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ සති 4ක පමණ කාලයක් ඔහුට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බවයි.

ඒ අනුව 32 හැවිරිදි ඔහු යළි පාකිස්තානය වෙත පැමිණීමට නියමිතයි.

දෙරට අතර පළමු එක්දින තරගය අද(8) කාර්ඩිෆ්හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a comment