Ultimate magazine theme for WordPress.

හසල් අලීට දඩුවම් ලකුණක් ; බංග්ලාදේශයට 20%ක දඩ

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලීට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අවවාද කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, ඩකාහී දී පැවැති බංග්ලාදේශ – පාකිස්තාන පළමු 20යි 20 ක්‍රිකට් තරගයේ දී ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.

ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් (demerit point) ද ඇතුළත් කිරීමට පියවර ගත් බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

බංග්ලාදේශ ඉනිමේ 17 වන පන්දුවාරයේ දී හසන් අලී විසින් නුරුල් හසාන්ගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව හසන් අලී විසින් එය සැමරූ ආකාරය විනය විරෝධී බවටයි චෝදනා එල්ල වුණේ.

මේ අතර, පළමු තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නිමා කිරීමට නොහැකි වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් ද නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

නියමිත කාලය නිමා වන විට ඔවුන්ට එක් පන්දුවාරයක් යවා නිමා කිරීමට හැකි වී තිබුණේ නැහැ.

හසන් අලී විසින් හා බංග්ලාදේශ කණ්ඩායමේ නායක මහ්මුදුල්ලාහ් විසින් අදාළ වැරැදි හා ලබා දුන් දඩුවම් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු නොවන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කෙරේ.

Leave a comment