Ultimate magazine theme for WordPress.

හඩපටයක් නිකුත් වීම නිසා දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඉල්ලා අස්වෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතුරු කමිටු සභාපති විශ්‍රාමික විනිසුරු Zak Yaqoob සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, මාධ්‍යවේදියෙකු සමග ඔහු සිදු කළ දුරකතන සංවාදයක් ප්‍රසිද්ධියට පත් වීමත් සමග ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්.

දකුණු අප්‍රිකානු මාධ්‍යවේදියෙකු සමග සිදු කර ඇති අදාළ දුරකතන සංවාදයේ දී විශ්‍රාමික විනිසුරුවරයා විසින් අසභ්‍ය වචනයෙන් ඔහුට බැන වැදී තිබෙනවා.

දකුණු අප්‍රිකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් එරට රජය විසින් අතුරු කමිටුවක් පත් කළේ පසුගිය ඔක්තෝම්බර් මස අගභාගයේ දී යි.

විශ්‍රාමික විනිසුරු Zak Yaqoob ගේ සභාපතිත්වයෙන් යුතු වූ කමිටුවට සමස්ත සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත්.

Leave a comment