Ultimate magazine theme for WordPress.

සෞඛ්‍ය බළධාරීන් ක්‍රීඩකයින් හමුවෙයි – අද පුහුණුව ඇරඹූ ක්‍රීඩකයින් මෙන්න

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 13 දෙනෙකු අද යළි සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කළා.

පුහුණු කටයුතු ආරම්භයට පෙර සෞඛ්‍ය බළධාරීන් විසින් ක්‍රීඩකයින්ට සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන උපදෙස් මාලාවක් ද ලබා දුන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පන්දු යවන්නන් මූලික කර ගනිමින් මෙම පුහුණු කටයුතු ආරම්භ කෙරෙන අතර, ඔවුන් දින 12ක නේවාසික පුහුණු කදවුරකට එක් වීමට නියමිතයි.

කොළඹ ක්‍රිකට් සමාජයේ දී මෙම පුහුණුවීම් කටයුතු සිදු කෙරෙන අතර, සම්පූර්ණ කාලය අවසන් වන තුරු ඔවුන් හෝටලයක නවාතැන් ගනු ඇති.

The Squad –

Dimuth Karunaratne
Suranga Lakmal
Kasun Rajitha
Lahiru Kumara
Vishwa Fernando
Isuru Udana
Lasith Embuldeniya
Lakshan Sandakan
Dasun Shanaka

Players, who will undergo Rehabilitation –

Nuwan Pradeep
Wanindu Hasaranga
Kusal Janith Perera
Danushka Gunathilaka

පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු ද මෙම පුහුණු කදවුර සදහා එක් වනවා.

රජය විසින් පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව මෙම පුහුණු කදවුර ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් ප්‍රවාහනය කිරීම සදහා විෂබීජහරණය කළ වාහන යොදා ගනු ඇති.

මෙම දින 12ක කාලය තුළ කිසිදු ක්‍රීඩකයෙකුට පෞද්ගලික කටයුතු සදහා හෝටලයෙන් හෝ ක්‍රීඩාංගනයෙන් බැහැරට යා නොහැකි බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Leave a comment