Ultimate magazine theme for WordPress.

සුසන්තිකා ජයසිංහට ක්‍රිකට් ආයතනයෙන් නව වගකීමක්

කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම සදහා ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

“උපදේශක – කාන්තා ක්‍රිකට් උපදේශනය සහ සංවර්ධනය” යන වගකීම ඇය වෙත පවරා ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කෙටි දුර ධාවන ඉසව්වක ඔලිම්පික් පදක්කමක් දිනා ඇති එකම ආසියානු ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාවේ වත්මන් සහ අනාගත කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම සඳහා සිය කැපවීම සහ අධිෂ්ඨානය පිළිබඳ අත්දැකීම් බෙදා ගනු ඇති.

පෙබරවාරි පළමු වැනිදා සිට ඇයගේ පත් වීම බලාත්මක බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

“මම ගොඩක් සතුටු වෙනවා මේ අලුත් අභියෝගය ගැන. තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට, අභියෝග සදහා සාර්ථකව මුහුණ දෙන්න හා අනාගයේ දී තරු බවට පත් වීමට ඔවුන් යන ගමනට ඔවුන්ට උපකාර කිරීමට එය මට අවස්ථාව ලබා දෙනවා.” යනුවෙන් සුසන්තිකා ජයසිංහ සදහන් කළා.

Leave a comment