Ultimate magazine theme for WordPress.

සුපිරි 12 වටය අභියස දී කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා තරගාවලියෙන් ඉවතට

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ෆේබියන් ඇලන්ට මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

වළලුකර ආබාධයක් හේතුවෙන් ඔහුව කොදෙව් සංචිතයෙන් ඉවත් කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) නිවේදනය කළේ.

ඒ අනුව ඇලන් වෙනුවට අකීල් හුසෙයින්(Akeal Hosein) 20යි 20 ලෝක කුසලාන සංචිතයට කැදවීමට කොදෙව් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ සඳහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද ලබා දී ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

හුසේන් මේ දක්වා කොදෙව් සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස රැදී සිටියා.

ඔහු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ප්‍රධාන සංචිතයට නම් කිරීමත් සමග කොදෙව් ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ Gudakesh Motie අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමටයි.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ දී පළමු කාණ්ඩයෙන් තරග වදින කොදෙව් කණ්ඩායම එහිදී ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව සමගින් මෙන්ම, A ඛාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම හා B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම සමගින් ද තරග වැදීමට නියමිතයි.

Leave a comment