Ultimate magazine theme for WordPress.

සුපිරි නවසීලන්ත පිතිකරුවාට අවසන් මහා තරගය අහිමි වෙයි

නවසීලන්ත කණ්ඩායමේ මැදපෙල පිතිකරු ඩෙවෝන් කොන්වේට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, පසුගිය 10 වැනිදා එංගලන්තය සමග පැවැති පළමු අවසන් පූර්ව තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.

ඩෙවෝන් කොන්වේ එම තරගයේ දී දැවී යාමෙන් අනතුරුව කෝපයට පත් වී සිය පිත්තට දකුණු අතෙන් පහරක් එල්ල කළ අතර, එහිදී ඔහුගේ දකුණු අතෙහි මෙම ආබාධය සිදුව ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා. (දර්ශන පහතින්)

ඉන්දියාව සමග ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත 20යි 20 තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙම ආබාධය නිසා ඔහුට අහිමි වී තිබෙනවා.

කොන්වේ මෙවර තරගාවලියේ දී තරග 6ක් ක්‍රීඩා කළ අතර, එහිදී ලකුණු 129ක් වාර්තා කළේ 108.40ක ප්‍රහාරාත්මක වේගයක් රදවා ගනිමින්.

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 14 වැනිදා නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Leave a comment