Ultimate magazine theme for WordPress.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නිවේදනය කෙරේ

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(9) නිල වශයෙන් නිවේදනය කළා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත අතර, ඒ සදහා නම් කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මීට පෙර අප වාර්තා කළ පරිදි සංචිතය සදහා ඇන්ජෙලෝ මැතිව්ස් නම් කර නොමැති අතර, දිමුත් කරුණාරත්න සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

අයි.පී.එල් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මෙන්ම මැදපෙල පිතිකරු සධීර සමරවික්‍රම හා පා දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත ද සංචිතයට ඇතුළත්.

ආබාධයකට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාට මෙම තරගාවලිය ද අහිමි වී තිබෙනවා. මෑතකදී එක්දින සංචිතයට ඇතුළත්ව සිටි නුවනිදු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, අශේන් බණ්ඩාර, ඩිල්ෂාන් මදුෂංක හා අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ට ද සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(10) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

1996 ලෝක ශූර ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ දී B කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

මූලික වටයෙන් අනතුරුව සුපිරි හය වටයේ තරග පැවැත්වීමට නියමිත අතර, අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් මහා තරගයට හා ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක්ම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව ජූනි 13 වැනිදා හා ජූනි 15 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට හා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය හා මූලික වටයේ ශ්‍රී ලංකා කාලසටහන –

සංචිතය –

1) Dasun Shanaka – Captain
2) Kusal Mendis – (wk) Vice-Captain
3) Dimuth Karunaratne
4) Pathum Nissanka
5) Charith Asalanka
6) Dhananjaya de Silva
7) Sadeera Samarawickrama ( Wk)
8) Wanindu Hasaranga
9) Chamika Karunaratne
10) Dushmantha Chameera
11) Kasun Rajitha
12) Lahiru Kumara
13) Maheesh Theekshana
14) Matheesha Pathirana
15) Dushan Hemantha

කාලසටහන –

Monday, 19 June
Sri Lanka v UAE, Queen’s Sports Club

Friday, 23 June
Sri Lanka v Oman, Queen’s Sports Club

Sunday, 25 June
Sri Lanka v Ireland, Queen’s Sports Club

Tuesday, 27 June
Sri Lanka v Scotland, Queen’s Sports Club

Leave a comment