Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහිව එන අයර්ලන්ත සංචිතය මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන අයර්ලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත අතර, ඇන්ඩෘ බල්බර්නිගේ නායකත්වයෙන් යුත් අයර්ලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

Stephen Doheny ට සංචිතයේ ස්ථානයක් හිමි වී නැහැ. Mark Adair, Josh Little, Craig Young, Barry McCarthy, Graham Hume හා Curtis Campher වේග පන්දු යැවිය හැකි ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත්.

ටෙස්ට් හා 20යි 20 ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර ඇතත්, මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති පා දග පන්දු යවන ක්‍රීඩක Ben White ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

අයර්ලන්තය මූලික වටයේ දී B කාණ්ඩයෙන් තරග වදින අතර, ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය ජූනි 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Ireland squad:

Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Graham Hume, Josh Little, Andy McBrine, Barry McCarthy, PJ Moor, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Ben White, Craig Young.

Leave a comment