Ultimate magazine theme for WordPress.

ප්‍රාන්ත තරගාවලිය නිසා නෙදර්ලන්ත ක්‍රීඩකයින් රැසකට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අහිමි වෙයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන නෙදර්ලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත අතර, ස්කොට් එඩ්වර්ඩ්ස්ගේ නායකත්වයෙන් යුත් නෙදර්ලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

Colin Ackermann, Fred Klaassen, Paul van Meekeren හා Roelof van der Merwe යන ක්‍රීඩකයින් තරගාවලියට එක් වන්නේ නැහැ. ඒ, ඔවුන් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරන බැවින්.

තුන් ඉරියව් ක්‍රීඩක Bas de Leede තරගාවලිය සදහා නම් කර තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේ දී A කාණ්ඩයෙන් තරග වදින නෙදර්ලන්තයේ ප්‍රතිවාදීන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්, සත්කාරක සිම්බාබ්වේ, නේපාලය හා අමෙරිකා එක්සත් ජනපදය යන රටවල්.

Netherlands squad:

Scott Edwards (c) (wk), Max O’Dowd, Logan van Beek, Vikram Singh, Aryan Dutt, Viv Kingma, Bas de Leede, Noah Croes, Ryan Klein, Teja Nidamanuru, Wesley Barresi, Shariz Ahmad, Clayton Floyd, Michael Levitt, Saqib Zulfiqar.

Leave a comment