Ultimate magazine theme for WordPress.

වර්ෂාව එංගලන්ත ජය පමා කරද්දී ඇන්ඩර්සන් 600ට 1ක් පිටුපසින් – Day 4 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය ඊයේ(24) නිමා වුණා.

ඒ වන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 100ක් ලබා සිටියා.

නායක අසාර් අලී නොදැවී ලකුණු 29යි.

අබිඩ් අලී ලකුණු 42කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවට් බ්‍රෝඩ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව මේ වන විට ඇන්ඩර්සන් බිද හෙලා ඇති සමස්ත ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 599ක්.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් සිව්වන දිනයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 56ක් පමණයි.

සවුත්හැම්ටන්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 583ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සැක් ක්‍රවුලි ලකුණු 267ක් රැස් කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 34ක් සමගින්.

ජොස් බට්ලර් ලකුණු 152යි.

පන්දු යැවීමේ දී යසීර් ශාහ්, ශහීන් ෂාහ් අෆ්රිඩි සහ ෆවඩ් අලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අනතතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 273ක්.

නායක අසාර් අලී නොදැවී ලකුණු 141ක් රැස් කළේ හතරේ පහර 21ක් සිය ඉනිමට ඇතුළත් කරමින්.

පන්දු යැවීමේ දී ජෙම්ස් ඇන්ඩර්සන් ලකුණු 56කට කඩුලු 5ක් බිද හෙලුවා.

ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් පාකිස්තානය තවත් ලකුණු 210ක් ලබා ගත යුතුයි.

Leave a comment