Ultimate magazine theme for WordPress.

සිය ඡායාරූපයක් සංසරණය වීම ගැන දසුන්ගෙන් පැහැදිලි කිරීමක්

කිසිදු දේශපාලන පක්ෂයකට තමාගේ කිසිදු නැඹුරුතාවයක් නොමැති බව ශ්‍රී ලංකා එක්දින හා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ දේශපාලන පක්ෂයක ප්‍රචාරනයක් සමග සිය ඡායාරූපයක් සංසරණය වන බවට තමාට නිරීක්ෂණය වූ බවයි.

කෙසේ වෙතත්, තමා කිසිදු පක්ෂයකට නැඹුරුතාවයක් නොදක්වන බවත්, තානාපතිවරයෙකු ලෙස තමා කිසිදු අයුරකින් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිට නොමැති බවත් දසුන් සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තමාගේ එකම කැමැත්ත සිය රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම පමණක් බව ද දසුන් කියා සිටියා.

Leave a comment