Ultimate magazine theme for WordPress.

සියලු පරීක්ෂණ සමත් වෙමින් භානුක අභියෝගය ජය ගනියි

ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ මේ වන විට සියලු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් සමත් වී ඇති බව වාර්තා වනවා.

ඔහු මිනිත්තු 8.35කින් නිම කළ යුතු කිලෝ මීටර් දෙකේ යෝග්‍යතා පරීක්ෂණය මිනිත්තු 8.33කින් නිමා කර ඇති බව සදහන්.

එමෙන්ම ස්කින් ෆෝල්ඩ් (skinfolds) පරීක්ෂණයෙන් ද භානුක සමත්ව ඇත්තේ එය 104 සිට 71 දක්වා අඩු කර ගනිමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත්තේ ස්කින් ෆෝල්ඩ් 85 සීමාවෙන් පහත මට්ටමක පවත්වා ගත යුතු බවටයි.

මෙම පරීක්ෂණවලින් සමත් වීම හේතුවෙන් භානුක රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙනවා.

ඒ අනුව එළඹෙන ඉන්දීය තරගාවලි සදහා ද ඔහුට ක්‍රීඩා කිරීමේ හැකියාව පවතිනවා.

Leave a comment