Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ ලකුණු 354ක් පිටුපසින්

Day 2 Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(8) නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 114ක්.

Milton Shumba ලකුණු 41කට දැවී ගිය අතර, නායක බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී ලකුණු 37ක් සහ Takudzwanashe Kaitano නොදැවී ලකුණු 33ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

හරාරේ හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී  ලකුණු 468ක් ලබා ගත්තා.

ඒ, ඔවුන්ගේ පළමු කඩුලු 6 ලකුණු 132කට දැවී ගොස් තිබූ පසුබිමකයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 150ක් ලබා ගත් අතර, ලිටොන් ඩාස් ලකුණු 95යි.

ටස්කින් අහ්මඩ් ලකුණු 75ක් ද, නායක මොමිනුල් හක් ලකුණු 70ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී Blessing Muzarabani කඩුලු 4ක් දවා ගත් අතර, Donald Tiripano හා Victor Nyauchi කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 354ක්.

Leave a comment