Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ පුහුණුකරු කණ්ඩායම සමග යළි එක් වෙයි

කොවිඩ් 19 ආසාදනය වී සිටි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලාල්චන්ඩ් රාජ්පුත් මේ වන විට යළිත් සිම්බාබ්වේ කණ්ඩායම සමග එක්ව සිටිනවා.

ඔහු මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සමග හෙට(21) පැවැත්වෙන තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා ද සම්බන්ධ වීමේ අවස්ථාව ඔහුට හිමිව තිබෙනවා.

පසුගිය 10 වැනිදා දිවයිනට පැමිණීමෙන් පසුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණවලදීයි සිම්බාබ්වේ පුහුණුකරුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගැනුණේ.

අනතුරුව ඔහුව හුදකලා කිරීමට කටයුතු කෙරුණා.

Leave a comment