Ultimate magazine theme for WordPress.

සිම්බාබ්වේ ඉනිමක පරාජයකට කඩුල්ලක් පිටුපසින් – Day 3 Report

හසන් අලී, ශහීන් ශාහ් අෆ්රිඩි සහ නවුමාන් අලීගේ සුවිශේෂී පන්දු යැවීමෙන් සවිමත් වෙමින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද ඉනිමක ජයක් වාර්තා කිරීමේ අවස්ථාව පාකිස්තානයට හිමිව තිබෙනවා.

හරාරේහි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වූ අද(9) දිනය අවසන් වුණේ අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 9කට ලකුණු 220ක් ලෙස සටහන් කරමින්.

Regis Chakabva ලකුණු 80ක් සහ බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 31කින් ලකුණු 49ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සිම්බාබ්වේ දෙවැනි ඉනිම අඩපන කළ නවුමන් අලී කඩුලු 5ක් සහ ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 4ක් දවා ගත්තා.

හසන් අලීගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ අසරණ වූ සිම්බාබ්වේ පළමු ඉනිම අද සීමා වුණේ ලකුණු 132කටයි.

Regis Chakabva ලකුණු 33ක් සහ ඩොනල්ඩ් ටිරිපානෝ ලකුණු 23ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී හසන් අලී දවා ගත් කඩුලු සංඛ්‍යාව 5ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පළමු ඉනිම අත්හිටුවිමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 510ක් ලබා සිටියදීයි.

ඒ අනුව තරගය ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් සිම්බාබ්වේ කණ්ඩායම තවත් ලකුණු 158ක් ලබා ගත යුතුයි.

Leave a comment