Ultimate magazine theme for WordPress.

සාකාර්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ T20 තරගාවලියේ ජය බංග්ලාදේශයට

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් තරග 2-1ක් ලෙස ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් බංග්ලාදේශය කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

හරාරේහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 193ක් රැස් කළා.

Wessley Madhevere ලකුණු 54ක් හා Regis Chakabva ලකුණු 48ක් ලබා ගත් අතර, Ryan Burl නොදැවී ලකුණු 31යි.

පන්දු යැවීමේ දී සෞම්‍ය සාකාර් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

සෞම්‍ය සාකාර් ලකුණු 68ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළ අතර, නායක මහ්මුදුල්ලාහ් ලකුණු 34යි.

ශමිම් හුසේන් පන්දු 15කින් ලකුණු 31ක් ලබා ගනිමින් බංග්ලාදේශයට තරගයේ ජය හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී Blessing Muzarabani හා Luke Jongwe කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment