Ultimate magazine theme for WordPress.

ස්මිත් දෙවැනි වෛද්‍ය පරීක්ෂණයෙනුත් සමත් වෙයි

ඔස්ට්‍රේලියානු මුල් පෙල පිතිකරු ස්ටීව් ස්මිත්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ, ඔහු මුහුණ දුන් දෙවැනි වෛද්‍ය පරීක්ෂණයෙන් ද සමත්වීම හේතුවෙන්.

පුහුණුවීම් අතරතුර දී හිසට සිදු වූ අනතුරක් නිසා ඔහු ඊයේ (11) පැවැති පළමු එක්දින තරගයට ක්‍රීඩා කළේ නැහැ.

පළමු එක්දින තරගයට පෙර සිදු කළ වෛද්‍ය පරීක්ෂණයෙන් ද ස්මිත් සමත් වී තිබුණ ද, ආරක්ෂක පියවරක් ලෙස ඔහුව එම තරගයට ක්‍රීඩා කරවීමෙන් වැළැක්වීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගත්තේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට(13) මැන්චෙස්ටර් හී දී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.

Leave a comment