Ultimate magazine theme for WordPress.

ස්ටොක්ස් සහ සිබ්ලිගේ ශතක කොදෙව්වන් අසරණ කරයි – Day 2 Report

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය ඊයේ (17) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුල්ලක් දැවී ලකුණු 32ක් ලබා සිටියා.

රාත්‍රී රැකවලා ලෙස පිටියට පිවිසි අල්සාරි ජෝසප් නොදැවී ලකුණු 14යි.

පන්දු යැවීමේ දී සෑම් කරන් ලකුණු 12ක් ලබා සිටි ජෝන් කැම්ප්බෙල් දවා ගැනීමට සමත් වුණා.

මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව එංගලන්තය පළමු ඉනිම අත්හිටුවීමට ඊයේ තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 469ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඩොම් සිබ්ලි ලකුණු 120ක් සහ බෙන් ස්ටොක්ස් ලකුණු  176ක් ලබා ගත්තා.

සිබ්ලි රැස් කළේ සිය දෙවන ටෙස්ට් ශතකය වන අතර, ස්ටොක්ස් රැස් කළේ තම 10 වන ටෙස්ට් ශතකයයි.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 260ක්.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 5 ක් බිද හෙලුවා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට සිය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 437ක්.

Leave a comment