Ultimate magazine theme for WordPress.

ගෙට්කෙට් හා ස්ටර්ලින්ග්ට කොරෝනා ; පළමු එක්දින තරගයත් අහිමි වෙයි

ඇමෙරිකානු තරග සංචාරයක නිරත වූ අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන පෝල් ස්ටර්ලින්ග් හා ශේන් ගෙට්කෙට් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට දින 10ක කාලයක් ෆ්ලොරිඩාහී දී හුදකලාව සිටීමට සිදු වන බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ආරම්භ කරමින් අයර්ලන්ත කණ්ඩායම ඇමෙරිකාවේ සිට ජැමයිකාව බලා පිටත්ව යාමට පෙර සිදු කෙරුණු කොවිඩ් 19 පරීක්ෂණවලදී එම ක්‍රීඩකයින් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බව සදහන්.

මේ හේතුවෙන් ශේන් ගෙට්කෙට් හා පෝල් ස්ටර්ලින්ග්ට අවම වශයෙන් කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

ඔවුන් ජනවාරි 9 වනදා පමණ වන විට කොදෙව් දූපත්හී දී අයර්ලන්ත සංචිතය සමග එක්වීමට ඉඩ තිබෙනවා.

අයර්ලන්ත – ඇමෙරිකා එක්දින ක්‍රිකට් තරගාවලිය ද පසුගියදා අවලංගු කිරීමට පියවර ගත්තේ කණ්ඩායම් දෙකෙන්ම කොවිඩ් 19 ආසාදිතයින් හදුනා ගැනීම හේතුවෙන්.

ජනවාරි 8 වනදා ආරම්භ වන කොදෙව් – අයර්ලන්ත එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර, අනතුරුව 20යි 20 තරගයක් ද දෙරට අතර පැවැත්වීමට නියමිතයි.

Leave a comment