Ultimate magazine theme for WordPress.

ස්කොට්ලන්තය ලකුණු 87 රැක ගනියි; ලකුණු 11ක ජයක්

අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 11ක ජයක් වාර්තා කිරීමට සංචාරක ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම අද(24) සමත් වුණා.

Belfast හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කඩුලු 9කට ලකුණු 87ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 19.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 76ක් පමණයි.

දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවැනි තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

Leave a comment