Ultimate magazine theme for WordPress.

සනත් – ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද තරග බිමට

Road Safety World Series තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙවර ක්‍රීඩා කරන පළමු තරගය අද (6) පැවැත්වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ඉන්දියාවේ රායිපූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ක්‍රීඩා කළ තරග දෙකෙන් එක් තරගයක් ජය ගනිමින්.

සහභාගී වූ තරග තුනම ජයගත් ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගෙන ඇති අතර, දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ පසුවනවා.

මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4ක් පමණක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට සිදු වූයේ කොරෝනා වසංගතය හේතුවෙන්.

ඒ අනුව එම අදියරේ ඉතිරි තරග ඊයේ දිනයේ දී ආරම්භ වූ අතර, එළඹෙන 21 වනදා දක්වා තරග පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ සජීවී විකාශය ජාතික රූපවාහී සංස්ථාවේ චැනල් අයි නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

එමෙන්ම COLORS Cineplex, COLORS Kannada Cinema සහ Rishtey Cineplex යන නාලික තුළින් ද තරගාවලිය විකාශය කෙරෙනවා.

Sri Lanka Legends :

Tillakratne Dilshan (c), Sanath Jayasuriya, Upul Tharanga, Chamara Silva, Chinthaka Jayasinghe, Thilan Thushara, Nuwan Kulasekara, Russel Arnold, Ajantha Mendis, Farveez Maharoof, Manjula Prasad, Malinda Warnapura, Dammika Prasad, Rangana Herath, Chamara Kapugedra, Dulanjana Wijesinghe.

ALSO READ : කපුගෙදර තරගාවලියෙන් ඉවත් වෙයි

West Indies Legends :

Brian Lara (c), Dwayne Smith, Narsingh Deonarine, William Perkins, Ridley Jacobs(w), Carl Hooper, Mahendra Nagamootoo, Adam Sanford, Tino Best, Sulieman Benn, Pedro Collins, Renford Pinnock, Dinanath Ramnarine, Ryan Austin

Leave a comment