Ultimate magazine theme for WordPress.

සත්කාරක පිල පරදා නවසීලන්තය ලෝකඩ පදක්කම දිනා ගනියි

Match Report

එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ, තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීම වෙනුවෙන් අද පැවැති තරගයේ දී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 110 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 11.5 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගාවලියේ රන් පදක්කම සදහා වන අවසන් මහා තරගය ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30 ට ආරම්භ වීමට නියමිතයි.

Leave a comment