Ultimate magazine theme for WordPress.

සංගා අයි.සී.සී සභාපතිධූරයට පත් වන ලකුණු

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ මාරිලිබෝන් ක්‍රිකට් සමාජය හෙවත් එම්.සී.සී හි වත්මන් සභාපති කුමර් සංගක්කාර මහතා ඉදිරියේ දී ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපතිධූරයට පත් වීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සභාපතිධූරය සදහා ඔහුව පත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේ දී කටයුතු සැලසුම් කරනු ඇති බව සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා විදෙස් ක්‍රීඩා මාධ්‍යක් වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ සංගක්කාරගේ එම්.සී.සී සභාපතිධූර කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලා සිටින බවයි.

අනතුරුව ඔහුගේ දැනුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා ප්‍රයෝජනයට ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත්, අයි.සී.සී සභාපතිධූරය සදහා ඔහුව ඉදිරිපත් කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවත්, ලේකම්වරයා කියා සිටියා.

“මෙතෙක් කල් ශ්‍රී ලංකාවෙන් කිසිදු අයි.සී.සී සභාපතිවරයෙකු පත් වී නැහැ. සංගා තමයි ඒකට සුදුසුම අපේක්ෂකයා.”

යනුවෙන් ලේකම් මොහාන් ද සිල්වා මහතා අවධාරණය කර සිටියා.

ක්‍රිකට් ආයතනයක සභාපතිවරයා අයි.සී.සී ප්‍රධානියා විය යුතු බවට මීට පෙර සම්ප්‍රදායක් පැවතිය ද මේ වන විට එවැනි ක්‍රමවේදයක් වලංගු වන්නේ නැහැ.

වත්මන් අයි.සී.සී සභාපති ශශාන්ක් මනෝහාර් ද එම ධූරයට පත් වන අවස්ථාව වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු ඊට පෙර දෙවරක් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරය දරා තිබුණා.

 

Leave a comment