Ultimate magazine theme for WordPress.

සංගක්කාරට පමණක් දෙවැනි වූ කුසල්ගේ ශතකය වාර්තා අලුත් කළ හැටි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගයේදී විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් සිය හයවන ජාත්‍යන්තර එක්දින ශතකය අද වාර්තා කළ නායක කුසල් ජනිත් පෙරේරා වාර්තා කිහිපයක් ද අලුත් කිරීමට සමත් වී තිබෙනවා.

ඔහු පන්දු 122 ක් තුළ රැස් කළ ලකුණු සංඛ්‍යාව 120 ක්.

එම ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහරවල් 11 ක් ඇතුලත් වුණා.

කුසල් පෙරේරා අද රැස් කළ ලකුණු සංඛ්‍යාව එක්දින ඉනිමක් තුළ ශ්‍රී ලංකා පිතිකරුවෙකු බංග්ලාදේශයට එරෙහිව වාර්තා කරන ලද හයවන ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එමෙන්ම කුසල්ගේ මෙම ඉනිම බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගයකදී ඔවුන්ගේ රට තුළ දී ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

එය දෙවැනි වූයේ 2014 වසරේ ඩකා ක්‍රීඩාංගනයේ දී කුමාර් සංගක්කාර ලබා ගත් ලකුණු 128 ට පමණයි.

ලොව ඕනෑම පිතිකරුවෙකු එක්දින තරගයකදී බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේ දී රැස් කරන ලද 12 වන ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ද කුසල් අද ලබා ගත් ලකුණු සංඛ්‍යාවයි.

Leave a comment