Ultimate magazine theme for WordPress.

ෂ්රෙයස් අයියර්ට IPL තරග රැසක් අහිමි වන ලකුණු

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ෂ්රෙයස් අයියර්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධයේ තරග අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්ත්වය මෙතෙක් සුව වී නොමැති බැවින්.

ඔහුට මෙම අවස්ථාවේ දී ශල්‍යකර්මයකට ලක් වීමට අවශ්‍ය නොමැති වුවද, ඔහුට තවදුරටත් විවේක ගන්නා ලෙසටයි වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ.

මෙම ආබාධය හේතුවෙන් අයියර්ට ඔස්ට්‍රේලියාව සමග නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඔහුට යළි ක්‍රිකට් පිටියට පිවිසිය හැකි දිනයක් පිළිබද මෙතෙක් නිශ්චිතව හදුනා ගෙන නැහැ.

Leave a comment