Ultimate magazine theme for WordPress.

ශෙහාන්ට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුසංක එලඹෙන 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහුව අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හෙරොයින් ලග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව පසුගිය දිනක අත්අඩංගුවට ගැනුණු අතර අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් ද පනවා තිබෙනවා.

Leave a comment