Ultimate magazine theme for WordPress.

ශූරයන්ට හිමි වූ මුදල හා Orange Cap, Purple Cap ඇතුළු සම්මාන 10 ක් බෙදීගියේ මෙහෙමයි

13 වන වරට පැවති ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ (10) දිනයේදී අවසන් වුණේ පිට පිට දෙවන වරටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින්.

පස්වන වරටත් ශූරතාවයේ පහස විදීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණේ අවසන් මහා තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කරමින්.

මෙවර ශූරතාවය දිනා ගැනීම දක්වා මුම්බායි කණ්ඩායම පැමිණි ගමන අතරතුර දී ඔවුන් තරග 16 ක් ක්‍රීඩා කර තිබු අතර ඉන් තරග 11 කදී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වුණා.

මෙම සුවිශේෂී ජයග්‍රහනයේ ගෞරවය කණ්ඩායමේ නායකයාගේ පටන් සෑම ක්‍රීඩකයකුටම හිමි වන අතර, ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන ඇතුළු සහාය කාර්ය මණ්ඩලය ද අමතක කළ යුතු නැහැ.

ශූරතාවය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කුසලානයට අමතරව මුදලින් හිමි වූ ත්‍යාග මුදල ඉන්දිය රුපියල් කොටී 20 ක්.

එය ශ්‍රී ලංකා මුදලින් කෝටි 50 ක් පමණ වනවා.

අනුශූරයින් වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කොටි 12.5ක මුදලක් හිමි වුණා.

තරගාවලිය පුරා විවිධ අංශ තුළින් දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයන් වෙනුවෙන් සම්මාන පුද කිරීමක් ද සම්මාන ප්‍රදානෝත්සවයේ දී සිදු කෙරුණා.

මෙවර තරගාවලියේ ප්‍රධාන සම්මාන කිහිපයක් බෙදී ගියේ මෙලෙසින් –

01. Man of the match – Final – Trent Boult ( 3/30)

02. Emerging Player of the year – Devdutt Padikkal ( 473 Runs, 5 Fifties, SR 124.8)

03. Fairplay award – Mumbai Indians

04. Game Changer of the season – KL Rahul

05. The super striker of the season – Kieron Pollard ( S.R. 191.42 )

06. Most sixers award – Ishan Krishan ( 30 sixers )

07. Powerplayer of the season – Trent Boult

08. Orange Cap – KL Rahul ( Most Runs : 670)

09. Purple Cap – Kagiso Rabada ( 30 wickets )

10. Most Valuable Player – Jofra Acher ( 20 wickets, 175 dots and 5 catches )

Leave a comment