Ultimate magazine theme for WordPress.

ශාරුක් සහ ප්‍රීටි සින්ටාත් LPL කණ්ඩායම් මිලදී ගැනීමේ සූදානමක

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායමක් මිලදී ගන්නා ලෙසට සුපිරි බොලිවුඩ් නලු ශාරුක් ඛාන්ට ආරාධනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ශාරුක් ඛාන් මේ වන විටත් අයි.පී.එල් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය දරනවා.

ඔහුට අමතරව කිංග්ස් එලවන් පන්ජාබ් කණ්ඩායමේ සම හිමිකරුවන් වන Ness Wadia, Mohit Burman සහ බොලිවුඩ් නිලි ප්‍රීටි සින්ටා වෙත ද මේ සදහා ඇරයුම් ලැබී ඇති බව සදහන්.

තවද බොලිවුඩ් නලු අභිෂේක් බච්චන් සදහා ද එල්.පී.එල් තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගන්නා ලෙසට ආරාධනා කර තිබෙනවා.

මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සඳහා අයි. පී. ජී. (IPG) හෙවත් Innovative Production Group ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුමකට එළැඹ සිටිනවා.

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 හිමිකරුවන්ගේ අයිතිවාසිකම්, රූපවාහිනී විකාශනය, නිෂ්පාදනය සහ ක්‍රීඩාංගණවල අයිතීන් පිළිබඳව සියළු මෙහෙයවීම් කටයුතු අයි.පී.ජී. ආයතනය විසිනුයි සිදු කරනු ලබන්නේ.

තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment