Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සමගින් IPL අද සිට යළි ඇරඹේ

අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියට අදාළ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද(19) සිට යළි ආරම්භ වනවා.

ඒ අනුව මෙවර තරගාවලියේ දෙවන අදියර ආරම්භ කරමින් පස්වරක් අයි.පී.එල් ශූරතාවය දිනා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තෙවරක් අයි.පී.එල් ශූරයින් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමගින් අද දිනයේ දී තරග වැදීමට නියමිතයි.

එය 2021 අයි.පී.එල් තරගාවලියේ 30 වන තරගය ලෙසයි පැවැත්වෙන්නේ.

තරගය ඩුබායි හී දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දින 27ක් තුළ දී තරග 31ක් පවත්වා අවසන් කිරීමට නියමිතව ඇති අතර, අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 15 වනදා ඩුබායි හී දී යි.

ඩුබායිහී දී තරග 13ක් ද, සාජා හී දී තරග 10 ක් ද අබුඩාබි හී දී තරග 8ක් ද පැවැත්වීමට නියමිතයි.

අවසන් වටයේ පළමු තරගය ඩුබායිහී දී ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වෙන අතර, අවසන් වටයේ දෙවැනි හා තෙවැනි තරග ඔක්තෝබර් 11 වැනිදා හා 13 වැනිදා සාජාහී දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය මැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ තරගාවලියට අදාළ ජෛව ආරක්ෂිත බුබුල තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන්.

තරගාවලියේ ඉතිරි තරග සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔවුන් දෙදෙනාම ක්‍රීඩා කරන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සදහායි.

බැංගලෝර් කණ්ඩායම මෙවර තරගාවලියේ දෙවැනි අදියර යටතේ ක්‍රීඩා කරන පළමු තරගය හෙට(20) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

අයි.පී.එල් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී නැරඹිය හැකි ආකාරය –

Dialog Television –

STAR SPORTS 1 (Ch. No. 73), STAR SPORTS 1 HD (Ch. No.130), SELECT 1 (Ch. No.75) and SELECT 1 HD (Ch. No.132).

Dialog ViU App

PEO TV –

Star Sports 1 – CH.41
Star Sports Select 01 – CH.41
Star Sports Select 01 HD – CH. 313

PEOTVGO app

Leave a comment