Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(5) නිවේදනය කළා.

තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 16 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පළමු එක්දින තරගය මැයි 23 වනදා පැවැත්වෙන්නේ ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී යි.

දෙවැනි තරගය 25 වනදා ද, තෙවැනි තරගය 28 වනදා ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 21 වනදා පුහුණු තරගයකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

එම තරගය ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතර පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 29 වනදා යළි ශ්‍රී ලංකාව බලා එරටින් පිටත්වීමට නියමිත බව සදහන්.

තරග කාලසටහන –

SLC
Leave a comment