Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා තරගාවලියෙන් ප්‍රබලයින් දෙදෙනෙක් ඉවත් කෙරේ ; ඕස්ට්‍රේලියානු සංචිතය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය අද(25) නිවේදනය කළා.

ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ඩේවිඩ් වෝනර් හා මිචෙල් මාෂ් මෙම තරගාවලියට නම් කර නැහැ.

පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ද ශ්‍රී ලංකා තරගාවලිය සදහා එක් නොවන බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එළඹෙන පාකිස්තාන තරග සංචාරයට සූදානම් වීමේ අරමුණිනුයි ඔවුන් ශ්‍රී ලංකා තරගාවලිය සදහා සම්බන්ධ නොකිරීමට පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලියේ දී ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ආබාධයක් හේතුවෙන් අලුබදුන තරගාවලියේ තරග රැසක් අහිමි වූ වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් මෙම සංචිතයට නම් කර තිබෙනවා.

මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන බෙන් මැක්ඩර්මොට් ද සංචිතයට ඇතුළත්.

ජයි රිචර්ඩ්සන්, ට්‍රැවිස් හෙඩ්, මොයිසස් හෙන්රික්ස් යන ක්‍රීඩකයින් ද ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට යළි කැදවා තිබෙනවා.

දෙරට අතර පෙබරවාරි 11 වනදා ආරම්භ වන පන්දුවාර 20යි 20 තරගාවලියට තරග 5ක් ඇතුළත්.

Australia T20 squad:

Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Josh Hazlewood, Travis Head, Moises Henriques, Josh Inglis, Ben McDermott, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, Adam Zampa

Leave a comment