Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු සමගින් එවරස්ට් ප්‍රිමියර් ලීගය ඇරඹේ

2021 එවරස්ට් ප්‍රිමියර් ලීග් (EPL) ක්‍රිකට් තරගාවලිය අද(25) ආරම්භ වුණා.

නේපාලයේ Kirtipur හීදී තරගාවලිය ආරම්භ වූ අතර, පළමු තරගය මේ වන විට පැවැත්වෙන්නේ කත්මණ්ඩු කිංග්ස් ඉලවන් (Kathmandu Kings XI) කණ්ඩායම හා ලලිත්පුර් පැට්‍රියෝට්ස් (Lalitpur Patriots) කණ්ඩායම අතරයි.

තරගාවලියට කණ්ඩායම් 6ක් එක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ද එම කණ්ඩායම් නියෝජනය කරමින් තරග බිමට පිවිසෙනවා.

මෙවර තරගාවලිය සදහා වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් එක්ව සිටින්නේ ද ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක්.

Lalitpur Patriots සංචිතය සදහා ඕෂද ප්‍රනාන්දු හා සදුන් වීරක්කොඩි ඇතුළත්.

උපුල් තරංග හා ධම්මික ප්‍රසාද් Bhairahawa Gladiators කණ්ඩායමත්, සහන් ආරච්චිගේ හා අසේල ගුණරත්න Pakhara Rhinos කණ්ඩායමත් නියෝජනය කිරීමට නියමිතයි.

සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කරන්නේ Chitwan Tigers කණ්ඩායමයි.

Biratnagar Warriors කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් එළඹෙන ඕමාන තරග සංචාරයට හා 20යි 20 ලෝක කුසලාන තරගාවලියට එක්වීමට නියමිතව ඇති බැවින් EPL තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

EPL තරගාවලිය ඩයලොග් TV හි නාලිකා අංක 72 (1sports) ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.

Leave a comment