Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා කණ්ඩායමට නව කළමණාකරුවෙකු පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමණාකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අරමුණු කර ගනිමින්.

මේ වන විට කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මැල් මහතා එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමගයි මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ.

පෞද්ගලික හේතුවක් මත ඔහු ධූරයෙන් ඉවත්ව තිබෙනවා.

ජයරත්න මහතා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිළධාරීවරයා ලෙස කටයුතු කරනවා.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළා.

Leave a comment