Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – ඕමාන තරගාවලිය නැරඹිය හැකි සියලු ආකාරයන් මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඕමාන තරග සංචාරයේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය Supreme TV නාලිකාව හිමි කර ගෙන තිබෙනවා.

ඒ අනුව තරග සංචාරයට අයත් 20යි 20 තරග හෙට(7) සහ ලබන 9 වනදා එම නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනු ඇති.

පළමු 20යි 20 තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි 20යි 20 තරගය ලබන 9 වනදා රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරග දෙකේ ඉන්දියානු කලාපීය විකාශන අයිතිය හිමිව ඇත්තේ Sony Pictures Sports Network සමාගමටයි.

ඒ අනුව Sony TEN 2 නාලිකාව ඔස්සේ Dialog TV හා PEO TV පාරිභෝගිකයින්ට තරගාවලිය නැරඹිය හැකියි.

YouTube ඔස්සේ තරගාවලිය නැරඹිය හැකි වන්නේ Hari TV YouTube නාලිකාව හරහායි.

Sproty.lk ෆේස්බුක් ගිණුම ඔස්සේ ද තරගාවලිය නැරඹීමේ අවස්ථාව උදා වනවා.

Leave a comment