Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල්ට හිමි වන ලකුණු

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

වත්මන් නායක දිමුත් කරුණාරත්න වෙනුවට ඔහු එලෙස නායකයා ලෙස පත් කිරීමට අවධානය යොමුව ඇති අතර, කුසල් මෙන්ඩිස් එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ඉදිරියේ දී එක්දින කණ්ඩායම සදහා තෝරා නොගැනීමට අවධානය යොමුව ඇති පසුබිමකයි නායකත්වය සම්බන්ධයෙන් ද මෙවැනි සංවාදයක් ඇතිව තිබෙන්නේ.

ඒ අනුව දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස්, තිසර පෙරේරා, සුරංග ලක්මාල් හා දිනෙෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින්ට ඉදිරියේ දී එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීමට ඉඩ ඇති බව newswire වෙබ් අඩවිය ද වාර්තා කර තිබුණා.

Leave a comment