Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලියට වැඩි ප්‍රේක්ෂක පිරිසක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග කිහිපයක් නැරඹීම සදහා මෙන්ම එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග කිහිපයක් නැරඹීම සදහා වැඩි ප්‍රේක්ෂක පිරිසකට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තෝරා ගත් තරග කිහිපයක් බ්‍රිතාන්‍ය රජයේ පර්යේෂණ වැඩසටහනකට [events research programme (ERP)] අයත් වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ජනතාව රැස්වන මෙවැනි අවස්ථාවලදී කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානම් තත්ත්වයන් සම්බන්ධයෙන් සහ ජනතාව එවැනි අවස්ථා සදහා ආරක්ෂාකාරීව සහභාගීකරවා ගැනීමේ ක්‍රම ගවේෂණය කිරීම සදහා මෙම වැඩසටහන එරට රජය විසින් සිදු කරනු ලබනවා.

ඒ අනුව පළමුවෙන් ඩර්හැම්, ද ඕවල් සහ බ්‍රිස්ටල්හි පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග මෙම වැඩසටහනට ඇතුළත් කර තිබෙනවා.

එම තරග නැරඹීම සදහා ක්‍රීඩාංගනයේ ධාරිතාවයෙන් 50%ක පිරිසකට අවස්ථාව හිමි වනු ඇති.

මැයි 17 වනදා සිට එරට පැවැත්වෙන තරග නැරඹිම සදහා අවස්ථාව පවතින්නේ 25%ක පිරිසකට පමණයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 තරගාවලිය අදාළ වැඩසටහනට අයත් වන්නේ නැහැ.

Leave a comment