Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව හෝටලයෙන් නිදහස්

බංග්ලාදේශ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම අද(19) එරට දී සිය පළමු පුහුණු සැසියට එක් වුණා.

ඒ, බංග්ලදේශයට පැමිණ දින 3ක නිරෝධායන කාලයක් ගත කිරීමෙන් අනතුරුවයි.

නවාතැන් ගෙන සිටින හෝටලයේම සිට ඔවුන් මෙම නිරෝධායන කාලය ගත කළා.

නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව අද දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඩකා නුවර ජාතික ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ දී පුහුණු සැසියකට එක් වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා(21) දිනයේ දී පුහුණු තරගයකට ද සහභාගී වීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා සංචිතයේ ම ක්‍රීඩකයින් අතර පැවැත්වෙන බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 23 වනදා ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

දෙවැනි තරගය 25 වනදා ද, තෙවැනි තරගය 28 වනදා ද පැවැත්වීමට නියමිතයි.

SLC
SLC
SLC
Leave a comment