Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව පළමු තරගයට කලු පටි පළදියි

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(18) ක්‍රීඩා කරන පළමු තරගයේ දී සියලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කලු පටි පැළද ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතාගේ අභාවය හේතුවෙන්.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී වර්ණපුර මහතා මියයන විට 68 හැවිරිදි වියේ පසු වුණා.

මේ අතර, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද මේ වන විට බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කරමින් සිටින අතර, එම තරගය සදහා ද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් එක්ව සිටින්නේ කලු පටි පැළදගෙනයි.

Leave a comment