Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව තවමත් තරගාවලියෙන් ඉවත් වී නැහැ ; සුදුසුකම් ලැබිය හැකි අවසන් ක්‍රමය මෙන්න

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව මේ වන විට ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් අහිමි වී තිබෙනවා.

ඒ, මේ වන විට ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ දී ක්‍රීඩා කළ තරග 4න් තරග 3ක් ම පරාජයට පත්වීම හේතුවෙන්.

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 2ක් පමණයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මෙතෙක් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වී නැහැ.

නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් සැබවින්ම ආශ්චර්යක් සිදු විය යුතුයි.

එනම් ඉදිරියේ දී පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන සියලු තරගවල ප්‍රතිපල ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස අවසන් වුවහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම්ව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් තවදුරටත් පවතිනවා.

එසේ වීමටනම් ඉදිරි තරගවල ප්‍රතිපල මෙසේ විය යුතුයි –

  • බංග්ලාදේශය හමුවේ දකුණු අප්‍රිකාව පරාජය විය යුතුයි
  • බංග්ලාදේශය හමුවේ ඔස්ට්‍රේලියාව පරාජය විය යුතුයි
  • ශ්‍රී ලංකාව හමුවේ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය විය යුතුයි
  • බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ඔස්ට්‍රේලියාව පරාජය විය යුතුයි
  • එංගලන්තය හමුවේ දකුණු අප්‍රිකාව පරාජය විය යුතුයි

එසේ වුවහොත් එංගලන්තයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

ඉතිරි තරග දෙකම දකුණු අප්‍රිකාව පරාජය වුවහොත් දකුණු අප්‍රිකාවට හිමි වන්නේ ප්‍රසාද ලකුණු 4ක් පමණයි.

ඉතිරි තරග දෙකම ඔස්ට්‍රේලියාව පරාජය වුවහොත් ඔස්ට්‍රේලියාවට හිමිවන ප්‍රසාද ලකුණු ප්‍රමාණය ද 4ක්.

ශ්‍රී ලංකාව ඉතිරි තරගය ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ද ප්‍රසාද ලකුණු 4ක් හිමි වනවා.

කොදෙව්වන් විසින් ඔස්ට්‍රේලියාව පරාජය කළහොත් කොදෙව් කණ්ඩායම ද ප්‍රසාද ලකුණු 4ක් සුපිරි 12 වටයේ දී හිමි කර ගනු ඇති.

බංග්ලාදේශය ඉතිරි තරග දෙකම ජය ගතහොත් ඔවුන්ට හිමි වන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4ක්.

ඒ අනුව ඒ ආකාරයෙන් තරග ප්‍රතිපල ලැබුණහොත්, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් හා බංග්ලාදේශය සම ප්‍රසාද ලකුණු (4) හිමි කර ගනිමින් සුපිරි 12 වටය අවසන් කරනු ලබනවා.

අනතුරුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තේරීමට සිදු වන්නේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය සලකා බැලීමෙන් පසුවයි.

වත්මන් ප්‍රසාද ලකුණු සටහන –

Leave a comment