Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත්ව සිටිනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද(25) නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 187ක ජයග්‍රහනයත් සමගයි.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය එයයි.

එම තරගයෙන් ලැබූ ජය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රසාද ලකුණු 12ක් හිමිව තිබෙනවා.

ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ දී ද ප්‍රසාද ලකුණු සටහන සකස් කරනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත නොව ඊට අදාළ ප්‍රතිශතය අනුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජයග්‍රහන ප්‍රතිශතය මේ වන විට 100%ක් වන බැවින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගෙන තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහන –

Leave a comment