Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් වසර 3කින් අවසන්

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් වසර 3ක් තුළ අවසන් කළ හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, අද හෝමාගම ප්‍රදේශයේ අදාළ ක්‍රීඩාංගනය ඉදි කිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

ආසන 40,000කින් සමන්විත ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා අමෙරිකානු ඩොලර් මිලියන 30ත් 40ත් අතර මුදලක් වැය වනු ඇති.

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට අයත් අක්කර 26ක භූමි ප්‍රදේශයක මෙය ඉදි වන අතර, දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකි වන පරිදි මෙහි ඉදි කිරීම් ඉදිරියේ දී ආරම්භ කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

නිරීක්ෂණ චාරිකාව සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ද එක්ව සිටියා.

Leave a comment