Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි අවසන් තරගයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ආරම්භක පිතිකරුවෙකු වන නයිම් ශෙයික් (Naim Sheikh) සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පළමු තරග දෙක සදහා නම් කළ 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකු ඉන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර නැහැ.

ඒ අනුව තෙවැනි තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

පළමු තරග දෙක ජය ගත් බංග්ලාදේශය මේ වන විටත් තරගාවලිය ජය ගෙන ඇති අතර, තෙවැනි තරගය ලබන 28 වනදා පැවැත්වීමට නියමිතයි.

 

Leave a comment