Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයෙන් ප්‍රබල 20යි 20 සංචිතයක් නම් කෙරේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් අදාළ තරගාවලිය සදහා නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔයින් මෝර්ගන් සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය දරන අතර, 2015 වසරෙන් පසුව පළමු වරට ක්‍රිස් වෝක්ස් 20යි 20 සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

එමෙන්ම 2019 වසරේ දී අවසන් වරට 20යි 20 ජාතික කණ්ඩායම නියෝජනය කළ ඩේවිඩ් විලී ද සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

විශේෂඥ දග පන්දු යවන්නන් තිදෙනෙකු සංචිතයට නම් කර ඇති අතර, ඊට 2018 වසරේ දී අවසන් වරට ජාත්‍යන්තර 20යි 20 තරගයක් ක්‍රීඩා කළ ලියම් ඩෝසන් (Liam Dawson) ද ඇතුළත්.

බෙන් ස්ටොක්ස්, ජොෆ්ර ආචර් සහ රීස් ටොප්ලි ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් මෙම තරගාවලියට නම් කර නැහැ.

20යි 20 සංචිතයට අයත් එංගලන්ත ක්‍රීඩකයින් ජූනි 19 වනදා කාර්ඩිෆ් වෙත වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.

එංගලන්ත සංචිතය :

  • Eoin Morgan (C), Moeen Ali, Jonathan Bairstow , Sam Billings, Jos Buttler , Sam Curran , Tom Curran , Liam Dawson , Chris Jordan , Liam Livingstone , Dawid Malan , Adil Rashid , Jason Roy , David Willey , Chris Woakes , Mark Wood

තරග කාලසටහන

  • 1st T20, Sophia Gardens : 23 June
  • 2nd T20, Sophia Gardens : 24 June
  • 3rd T20, Sophia Gardens : 26 June
  • 1st ODI, Emirates Riverside : 29 June
  • 2nd ODI, Kia Oval : 1 July
  • 3rd ODI, Bristol : 4 July
Leave a comment