Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නිවේදනය කෙරේ ; භානුක ගැනත් නිල ප්‍රකාශයක්

ඇෆ්ඝනිස්තානය සමග හෙට(25) ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, භානුක රාජපක්ෂ සංචිතයෙන් ඉවත් වීම සදහා ඉල්ලීමක් සිදු කර තිබූ බවත්, ඒ සදහා ක්‍රිකට් ආයතනය අනුමැතිය ලබා දී ඇති බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එක්දින තරග පිටියෙන් විවේකයක් ලබා ගැනීමේ අරමුණිනුයි ඔහු එලෙස සංචිතයෙන් ඉවත්ව ඇත්තේ.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට(25) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

The Squad
1. Dasun Shanaka – (C)
2. Pathum Nissanka
3. Dhananjaya de Silva
4. Charith Asalanka
5. Dinesh Chandimal
6. Kusal Mendis
7. Wanindu Hasaranga
8. Dunith Wellalage
9. Dananjaya Lakshan
10. Kasun Rajitha
11. Maheesh Theekshana
12. Pramod Madushan
13. Asitha Fernando
14. Ashen Bandara
15. Lahiru Kumara
16. Bhanuka Rajapaksa

Show Comments (2)