Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන්නා IPL තරගාවලියට මිලදී ගනියි

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා සම්බන්ධ වීමට අවස්ථාව උදා වී තිබෙනවා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඔහු සමග මෙවර තරග වාරයේ ඉතිරි තරග වෙනුවෙන් ගිවිසුම් ගත වීම හේතුවෙන්.

චෙන්නායි කණ්ඩායමේ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න් වෙනුවටයි මතීෂ පතිරණ එම කණ්ඩායම සදහා නම් කර ඇත්තේ.

චෙන්නායි කණ්ඩායම මෙවර තරගාවලියේ දී මුහුණ දුන් පළමු තරගයේ දී (කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව) ඇඩම් මිල්න් පාදයක ආබාධයකට ලක් වුණා.

ඒ හේතුවෙන් ඔහුට මෙම තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකටයි.

19 හැවිරිදි මතීෂ පතිරණ 2020 හා 2022 වසරවල පැවැති 19න් පහළ ලෝක කුසලාන තරගාවලි සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කළා.

මේ වන විටත් ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද චෙන්නායි කණ්ඩායම නියෝජනය කරනවා.

Leave a comment