Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – නවසීලන්ත ලෙජන්ඩ්ස් තරගය කල් යයි ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series තරගාවලියේ 16 වැනි තරගය ද වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අත්හිටුවීමට අද(24) සිදු වුණා.

මෙම තරගය දෙහ්රාදුන්හී දී පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

කෙසේ වෙතත්, මෙම තරගය අවලංගු කළ තරගයක් (ප්‍රතිපලයකින් තොර තරගයක්) ලෙස නොසලකන අතර, තරගය ඉදිරි දිනයකදී පවත්වන බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

මේ වන විට තරගාවලියේ සංවිධායකයින් විසින් නිකුත් කර ඇති නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමු ස්ථානයේ පසුවන බව දක්වා තිබෙනවා.

ඒ, තරග 4 කදී තරග දෙකක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 12 කට හිමිකම් කියමින්. ඔවුන්ට හිමි දල ලකුණු ලබා ගැනීමේ වේගය 2.886 ක්.

තරග 4 කදී තරග 2ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 12කටම හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් පිල දෙවැනි ස්ථානයේ පසුවන්නේ 1.701 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සටහන් කර ගනිමින්.

ක්‍රීඩා කළ තරග තුනම ජය ගෙන ඇති ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ද ප්‍රසාද ලකුණු 12කට හිමිකම් කියන අතර, ඔවුන්ට තෙවැනි ස්ථානය හිමිව ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

ඒ, ශ්‍රී ලංකාවේ දල ලකුණු ලබා ගැනීමේ වේගය 1.61 ක් ලෙස සටහන්ව තිබීම හේතුවෙන්.(ප්‍රසාද ලකුණු සටහන පහතින්)

 

Leave a comment