Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

නවතම අයි.සී.සී කාන්තා එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(9) නිවේදනය කළා.

ඊට අනුව බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පිතිකාරිණියන් අතර 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. එමෙන්ම ඇය පන්දු යවන්නියන් අතර 58 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි ඇය ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇත්තේ සම 13 වැනි ස්ථානය දක්වායි.

කවීෂා දිල්හාරි පිතිකාරිණියන් අතර 56 වැනි ස්ථානය දක්වා ස්ථාන 7 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, පන්දු යවන්නියන් අතර 16 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ඉනෝකා රණවීර සමත්ව තිබෙනවා. ඕෂදී රණසිංහ 44 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 7කින්.

වමත් පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම ද පිතිකාරිණියන් අතර 36 වැනි ස්ථානය දක්වා ස්ථාන 9 කින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

Leave a comment